RSS

Monthly Archives: July 2013

සාර්ථක උඩවැඩියා වගාවකට……


සාර්ථක උඩවැඩියා වගාවකට
අනුගමනය කළ යුතු පිළිවෙත්

ඉදිරිපත් කිරීම කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

ඔන්සීඩියම් ගණය (Oncidium)

මේ ගණයේ ඕකිඩ් ව්‍යාප්ත ව ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ ය. ශාක බහුපාදීය වර්ධනයක්‌ පෙන්වයි. භෞමික හා අපිශාක යන ආකාර දෙකට ම අයත් වන ශාක විශේෂ පවතියි. නැට්‌ටුවකු ගේ හැඩය ඇති මල් පිහිටා තිබීම විශේෂත්වයකි. කහපාට, දුඹුරු පාට, රතුපාට, වැනි වර්ගවලින් දැකිය හැකි ය. කැපූ මල් ලෙස කහ පැහැති මල් බොහෝ දුරට යොදා ගනියි.

කැටලියා ගණය (Cattaleya)

කැටලියා බහුපාදී වර්ධන විලාශයක්‌ පෙන්වන අපිශාකයකි. වැඩීම සෙමින් සිදු වේ. හටගන්නා මල් විශාල ය. වර්ණවත් ය මල් කිනිත්තක හට ගන්නා මල් සංඛ්‍යාව අඩු ය. මල අලංකාර බවින් වැඩි ය. බඳුන්ගත පැළෑටියක්‌ ලෙස ද වටිනාකමකින් යුක්‌ත ය.
Read the rest of this entry »

 
 

කුප්පමේනියා බේතක්‌


කුප්පමේනියා බේතක්‌ පමණක්‌ ම නොවේ

බළලුන්ට අසනීප වුණාම බළලුන් කන්නේ කුප්පමේනියා කොළ කියලා තමයි අපි අහලා තියෙන්නේ…

ඒත්.. කුප්පමේනියාවල ඊටත් වඩා යමක්‌ තිබෙන බව පොත පතේ සඳහන් වෙනවා.

කුප්පමේනියා රතු ළුනු සමඟ එකට උයා කෑම ඇදුම රෝගයට ඉතා ගුණදායක වේ. එහෙත් එම ගුණය දවසින් දෙකෙන් ලැබෙන්නේ නැත.

ආඩතෝඩා කොළ, මිංචි කොළ, කුප්පමේනියා කොළ සහ කොත්තමල්ලි සමව ගෙන කබලේ බැද කුඩු කර, කෝපි මෙන් සාදා බීමෙන් සෙම් පීඩා දුරු වේ.

ලෙඩක්‌ නැති වුව ද, ඉඳලා හිටලා කුප්පමේනියා කොළ ටිකක්‌ රතු ළුනු, උම්බලකඩ කුඩු සමඟ මිටි කිරි දමා පිස කෑමෙන් සුවයක්‌ ලැබේ.

කල්පවතින වියළි කැස්‌සට ද ගුණදායක වන කුප්පමේනියාවල සිංහල නම “කමනීය” නම් වේ.

 
 

රසම රස සුප් වර්ග


Image

 
 

උත්සවයට බත් වර්ග


Image