RSS

Monthly Archives: July 2011

සොදුරු සිතින්……..


පායන්න සද මේ රැයේ
පවසන්න දුක් ගී ඔබේ
ඇයි ඉන්නේ සැංගී ඔහේ
මට නැද්දෝ සෙනෙහේ ඔබේ……//
පාළුව දැනෙයි…. දුක් ගී ගැයෙයි…..
මට ඔබව සිහියට නැගෙයි
සෙනෙහේ පුදා ඉන්නම් සදා
සැනසෙන්න මාගෙ නංගියේ……//
පායන්න සද………
දෑගිලි ගැනන් ඉන්නේ ඉතින්
හමු වන්න ඔබගේ දසුන්
දෑතේ වෙලී….. ඉන්නම් ඉතින්
පණ වාගේ මා ආදරෙන්…….//
පායන්න සද……
සකුබබා……..
 
 

අවුරුදු නිවාඩුව……


සීත සුලං මේ පැත්තට හමනවා
චූටි කුරුල්ලන් අහසේ ඉගිලෙනවා
ඕලු නෙලුම් මානෙල් මල් පීදෙනවා
ඔබෙ සෙවනේ සැමදා මා ඉන්නවා……

රට දැය රකින්නට ආවත් ඔබ දාලා
ඔබලා මෙන්ම මා ඉන්නේ දුක්වීලා
එන්නට හිතේ සැමට හොරෙන් ඉගිලීලා
එනමුදු ඉවසන්න නංගියෙ සිනා සලා……

මාගේ හිතේ තිබෙනා දුක ඔබ දන්නෑ
හඩන හැඩුම්  රෑ තිස්සේ ඔබ දන්නෑ
කොපමණ හැඩුව මුත් ට්‍රේනින් අඩු වෙන්නෑ
සිංහල අවුරැද්දටත් මට එන්නට වෙන්නෑ…………..

සකුබබා……..

 
 

යාදින්නෙකු සේ……


යාදින්නෙකු සේ ඔබව පතාගෙන
එන්නම් සැමදා ඔබව පතාගෙන
ගියමුත් වෙන් වී මා හද රිදවා
තරහක් නෑ සුදු….. මා කුමරියනේ…..

ආත්මයේ යම් දිනයක ඔබගේ
අත ගෙන ඉන්නට ආසයි සසරේ
යන්නට එන්නම් ඔබ සමගින්නේ
මුළු ලොවම මගේ වෙයි….. එදිනට සබදේ……

සකුබබා…….

 
 

මතක මං පෙත…….


සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
සිහිනය මියයයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක් අතරින් සුසුමක් රිදවයි…..

සද දුර තනියම වැලපෙයි අප ගැන
පන්හිද නිතරම ලිව්වා ඔබ ගැන
කවී ගී ලිව්වත් එහි රස විදිනට
ඔබ නෑ මා ලග ගොස් දුර ඈතට………..

සකුබබා……..